Sunday, July 31, 2016

පොෂ් හීන

ටීවි එකේ දාන තැනක ගිහිිල්ල කන්න
කොණ්ඩෙ ටිකක් වෙනස් කරල හැඩට අදින්න
බීච් එකක පාක් එකක විනෝද වෙන්න
අප ආසයි අපි පොෂ් වෙන හීන දකින්න

කේ එෆ් සී ගිහිල්ලා කන්නට කෑම
මැක්ඩොනල්ඞ් එකෙන්  ඕඩර් කරලා ගන්න
බර්ත් ඬේ වලට හැම් බර්ගර් දෙන්න
සල්ලි තියන කොට පොෂ් විදියට කන්න

කෑලි කෑලි කැපූ කොණ්ඩෙ කෙලින් කර
පැත්තට වෙන්න තඹ පාටින් පාට කර
ඔඩෙල් ෆැෂන් බග් කඩවල ෂොපින් කර
ෆැෂන් කරනවා හොද ජොබ් එකක් කර

දියතු උයනෙ චුට්ටක් ඇවිදින්න යමු
බීච් එකේ ඇනිවසරිය සෙට් කරමු
සෙල්ෆි ටිකක් ගහලා එෆ් බී දාමු
පෝසත් වෙලා ඇති වෙකනම් සතුටු වෙමු

ඇදිවත් පවා නැති උන් ලොව ඉන්නවද
කෑමට බත් පිඩක් නැති උන් තව ඇද්ද
සිනහව දකින්නට උන් පිං කර නැද්ද
ටික දෙනෙක්ගෙ හීන මොකට පොෂ් වෙත්ද 

6 comments:

  1. පොෂ් වෙන්න ගිහින් පුස් වුණ අය කොපමණ ඇත්ද...

    ReplyDelete
  2. සමයං සමයං මෙහෙමත් සමයං

    ReplyDelete
  3. සමයං සමයං මෙහෙමත් සමයං

    ReplyDelete
  4. පොශ් වීම ,ප්‍රදර්ශනශීලී මානසිකත්වයට කියන තවත් නමක්

    ReplyDelete