Saturday, July 23, 2016

ම`ගුල් හීනය

බෝරිච්චිය දමා ඔසරිය ඇ`ද ගන්න
තුන් තැලි දමා නළලත හැඩ කර ගන්න
ඉර හද කොටා පෝරුවකුත් නග්ගන්න
ආසයි ම`ගුල උඩරට තාලෙට ගන්න

ගෙදර ඉඩ නොමැත ම`ගුලට සෙන`ග එතී
ඉවුම පිහුම බෑ කරදර වැඩක් වෙතී
මේකප් දමා ඩෙ‍්‍රස් වෙන්නට සැලොන් යතී
ම`ගුලට බියක් මගෙ ගත සිත වෙලා ගතී

ෆොටෝ ගහන්නට රුපියල් තිස් දහකි
ඒකට කලින් තව රූගත කිරීමකි
ලේටස්ට් ඔසරියට හැත්තෑ පන්දහකි
හැන්දෑ ගවුම මරු ගාණක් වෙන සෙයකි

උඩරට මනාලිය වෙන්නට සිතා සිටී
යටවෙන කාසි රුපියල් ගැන ලෝභ සිතී 
හදලා ලොකු කරපු දෙගුරුන් දෙපා වැටී
අත්සන් කරලා පැනලා යමි සිනා සිසී

6 comments:

  1. නුදුරු දිනක අපිටත් හකිවේ එන්නට ඔබෙ මගුල් ගෙදර....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ammo penala yanna hithannawath epa. api cake kanna balan inneeeeeeeeeeeeee

    ReplyDelete
  4. Sina sisi panalaa giyath godak aya antjimata duk wei dakala anith ayage wedima. Oyaget plan eka panala yannada

    ReplyDelete
  5. ඒකතමා හොදම වැඩේ

    ReplyDelete