Sunday, July 24, 2016

මයෙ  අම්මගෙ හැටි

අයියගෙ කාමරෙන් කුණු රෙදි පියඹනවා
කුස්සියෙ පි`ගන් බඩු කට කට වෙව්ලනවා
”අම්මප මුන්ට” කුටු කුටු ගා මිමිණෙනවා
අම්මට තරහ ගොස් ඇති බව වැටහෙනවා

ගෙදරට එන අමුත්තෙක් පිළි නොගත් විට
නෑයෙක් යන්න පෙර කෑමක් ලිහූ විට
යන නෑයෙකුට දණ නොනමා නොවැ`දි විට
ලොකු ඇස් දෙකක් එනවා කුස්සියේ සිට

වැඩ වැඩ කියා බුම්මාගෙන ඉන්නවද
කැම්පස් එකට ගොඩ වැදුනාවත් මදිද
ක්ලාස් නැති උනොත් ගෙදරින් යවනවද
අම්මගෙ ඇමතුමෙන් එන්නේ ඔය සද්ද

මොනවා උනත් ඒ මයෙ අම්මගෙ හැටිය
තේරුම් ගත්තෙ ගෙදරින් පිට සිට විටය
සැර වැර කරල හැදුවේ දුර් ගුණ ගතිය
වටහා ගන්ට ගත කල කාලය වැඩිය

ලෝකය ජය ගන්න  ඕනෑ තමයි පුතේ
ඒකට කලින් යහපත් විය යුතුව ඇතේ
කෙනෙක් කපා ජය ගැනීම වැඩක් නැතේ
කියු මයෙ අම්මා මතු බුදු වනවා නියතේ

8 comments:

  1. පිය සෙනහසට කවි ගී ලියවුනා මදි

    ReplyDelete
  2. ම්ම් ගොඩක් ලස්සනයි

    ReplyDelete
  3. Ekama thaleta ekama widiyta nathuwa wenaswa api hamogema ammalage guna oya lassanaya wayanawa e kaviye. Apuruiiiiii

    ReplyDelete
  4. මං එනතුරු ඉදිකඩ ළග ඉන්නවාද අම්මේ......................

    ReplyDelete
  5. නෑන්ද නම් එහෙමම තමා

    ReplyDelete