Friday, July 29, 2016

ආලවන්ත කොල්ලෝ

ලස්සන හිත ගස්සන අය දැක්කාම
ලස්සන සිනිදු කළු කෙස් රැලි වැදුනාම
වටොර ඉග නිතඹ දෙස ඇස් නොහෙලාම
රූපය රස විදී එක කොල්ලෙක් එහෙම

වෙඩරු පිඩක් මෙන් හදවත උණු වෙනවා
අඩ අඩ හොටු පෙරාගෙන පස්සෙන් යනවා
මට වෙන කවුරුවත් නැති බව පෙන්වනවා
මම  හරි සෙන්සිටිව් කොල්ලෙක්  අගවනවා

කිසි වග තුගක් සතේට මායිම් නොකර
සෙට් වෙන කෙල්ල වචනෙට කරගෙන සොදුර
එක ලව් එකක් ඇත්තේ සතියට විතර
කොල්ලෙක් ඉන්නවා හරි සෙල්ලක්කාර

ලස්සන කැත මොකට මට වෙනසක්  ඕනෑ
පරම්පරාවම ගොඩ යන්නට  ඕනෑ
සිත ගත පිරෙන්නට දෑවැද්දක්  ඕනෑ
කොල්ලෙක් හිදී හොද බර අත්තක්  ඕනෑ

කිසි දවසක කොල්ලෙක් දෙස නොබලාපු
කනට ඇසෙන්නට වදනක් නොදොඩාපු
කිටි කිටියට කොටට ඇදුම් නොම ඇදපු
කොල්ලෙක් හොයයි කෙල්ලෙක් මලකින් ආපු

3 comments:

  1. ලස්සන ගොඩක් නැ මට වැදගත් වෙන්නෙ.................

    ReplyDelete