Thursday, July 28, 2016

සිල්වත්

බෝ සෙවණේ සෙළවෙන කොට බෝපත්
නොකිලිටි සුදුවත් ඇදගෙන තැම්පත්
කුසල් ලබාගෙන වෙන්නට සිල්වත්
හැම දවසෙම පන්සල් යති පිංවත්

පුතේ ගෙදර වැඩිහිටියෙක් ඇති නේද
කැම්පස් ගියත් රස්සාවක් නෑ නේද
දැං බදින්න කොල්ලෙක්වත්  ඉන්නවද
ඕකට නොගියනං දැනටම ගොඩ නේද

තව ඩිංගක් ලොකු කරන්න කඩනව අපෙ විහාරගේ
පිනක් දමක් කොරගන්නට  ඕනෑ නෙව මේ කාලේ
මයෙ කනකර ආයිත්තම් පිනට දෙන්න උගස් කොලේ
නංගිලාගෙ කාසි පණම් පිනට ගන්න මං ආවේ

අනෙ අම්මප මුන්දලාගෙ තියන පව
පිිං කරගන්ට ඇති ගාණක් දෙන්නැතුව
පන් සීයක් දික් කරගෙන එනව තව
දෙවියන් බලා ගන්නව ඇති මේකුන්ව

රන් වන් පාටින් දළුලයි බෝධිය
මා පිං කර ඇත මට නැත ලෝදිය
මං තරමින් පිං කර නැති උදවිය
පව් වැඩි තරමට දිවියම කාපිය

3 comments:

  1. ගොඩක් ම මේ තත්වය ගම්බදව දකින්න පුලුවන් නේද?. සමාජ යථාර්ථයක් විවරණය කරපු සාර්ථක උත්සාහයක්. ඉදිරියටම යන්න සුබ පැතුම් හිමාෂි

    ReplyDelete
  2. minisunge heti thamai meka . wenas karanna nam tikak amarui neda.

    ReplyDelete