Monday, July 25, 2016

මාර ලයින් 

අලුත බයික් එකක් ගත්ත කොල්ලන්ගේ
අලුත කසාදයක් බැන්ද කෙල්ලන්ගේ
අලුත් ජොබ් එකක් සෙට් වුන කට්ටියගේ
ලයින් නැගලා බහිනා හැටි හරිම අගේ

බයික් එකක් තියනව මට හරිම ගතී
අඩි දෙක තුනක් ඉහළින් මට යන්ට හැකී
මම වෙමි හැන්ඩි කොල්ලා යැයි සිතා සිටිී
ගහක තාප්පෙක ඇනුනම ලයින් බහී

අලුතින් බැන්දෙ මරු ම`ගුලක් අර ගතිමී
අලුත් නෑයො ගමේ ඈයො බලා සිටී
මම වෙමි අලුත් මනමාලී සිතා සිටී
දෙන්න තුන හතර වෙනකොට ලයින් බහී

මරු ජොබ් එකක් තියනව මට පට්ට පඞී
ගමේ හැච්ච සෙට් එකෙනුත් ඈත් වෙමි
පොෂ් විදියට ඉන්නෙමි මම සිතා සිටී
වැඩ වැඩි වෙලා කොර වෙනකොට ලයින් බහී

ගමේ ඉන්න අහළ පහළ නෑයන්ට
එකට කාලා වැටිලා සිටි මිතුරන්ට
පිහිට වෙන්න ල`ග ඉන්නා ඈයන්ට
අනේ ලයින් පෙන්නන්නේ මොනවාට

8 comments: