Friday, July 22, 2016

මා මළ දා

හ`දුනන කෙනෙක් ඇත ඔබ අප සැම දන්නේ
ඔබ අප සියලු දෙන මරු ලෙස හ`දුනන්නේ
කාටත් නොකිය හොර රහසෙම කැ`දවන්නේ
ඇරයුම් ලැබුනහොත් යන්නට සිදු වන්නේ

මා හට යන්න සිදු වන විට ඒ දිනට
සිදු කල යුතු සියලු දේ පවසමි මේ ලෙසට
අනවශ්‍යයි සිතමි ගෞරව මළ ක`දට
අණ බෙර ගසා නොකියනු මළ ගම රටට

නොදිරන දෙයක් පොලිතින් දින ගණන් සතී
සැරසිලි එපා ඉන් සිදුවන්නේ අගතී
නොතනනු තොරණ් ගෑවෙන්නට තරු පන්තී
සුදු කොත් දෙකක් දැම්මොත් හොදටෝම ඇතී

මා ලොව ඉපදුනේ නැකතක් ඇතිව නොවේ
මරු පැමිණියෙත් සුභ මොහොතක් බලා නොවේ
මළගේ වැඩපළට නැකතක් ඇයි ද ලොවේ
නොමැතිව නැකත් සිදු කල මැන කුසල් බලේ 

8 comments: