Saturday, July 23, 2016

මගේ කවි කම්

කවිකම් බැරිය සො`දුරු කවි පද අමුණන්න
යටි පෙළ අරුත් නැත එහි ගතු  කියවන්න
එළි වැට එළි සමය ඇත පොඞ්ඩක් වෙන්න
තුන පහ ලුණු මිරිස් පදමට දා ගන්න

මහ සමාජෙ පොඞ්ඩක් වත් කියවන්න
මටත් ටිකක් පුලුවන් බව දැනගන්න
කමෙන්ට් ලයික් ටික ටිකවත් වැඩිවෙන්න
අනේ යන ගමන් කවියක් කියවන්න


6 comments:

  1. මගෙන් උනුසුම් සුභ පැතුම්........

    ReplyDelete
  2. කියෙව්වා කියෙව්වා :)

    ReplyDelete
  3. හිතවත් මිතුරියෙ මෙ දෙ අහගන්න
    කවි රසවත්ය බැ නොබලා පිටවෙන්න
    මගෙ හිත් පොඩ්ඩ කවි රසයෙන් මත්වෙන්න
    බැලුවා දෙපාරක් කව් කල ‍ලස්සන සිහින

    ReplyDelete
  4. // කවිකම් බැරිය සො`දුරු කවි පද අමුණන්න
    යටි පෙළ අරුත් නැත එහි ගතු කියවන්න //

    උඹ සමයං කියනව ද බං? උඹේ කවි කියෙව්වට පස්සෙ මට නම් පිළිගන්න බෑ උඹට කවිකම් බෑ කියලා.

    ReplyDelete
  5. ඔයාගේ කවි නොකියවා යනවද අනේ අපි

    ReplyDelete