Wednesday, July 27, 2016

ගෑනු අපිට

සුදු පුතාට නිල් පාටයි දෝණිට මේ රෝස පාට
මගෙ පුතාට මෙන්න කාර් දෝණි ආස බෝණික්කට
පුතා අඩන්නේ මොකටද ඒව උරුම දෝණිලාට
එපා එපා දග කරන්න රිදෙයි පුංචි මගෙ දෝණිට

ගස් නගින්න එපා දෝණි  ඕවා හොද නෑ ඔයාට
ඔය මොකට ද බයිසිකලේ  ඕක දෙනව ලොකු අයියට
රවුම් ගහන්නෑ කෙල්ලෝ යනව යන්න ගේ ඇතුළට
ගෑනු දැරිවියක් උනාම ඉන්න  ඕන ඒ තාලෙට
  
ආකාසෙම පියාඹනා කිරිල්ලියක් එපා වෙන්ට
අහළ පහළ සෙනග එක්ක වැඩි භජනෙට නොයා ඉන්ට
භය පක්සව ඉන්ට  ඕන තමන්ගේම ස්වාමියට
කතා හැදෙන්නට හොද නෑ දීග ආපු ගෑනියෙකුට

සියල්ලෝම මිනිස්සු වෙති වෙනසක් නෑ බුදු දහමට
ලොව ඉපදුන උත්තමයන් මව් කුසකින් බිහි උනාට
සිරි දළදා හාමුදුරුවො ලංකාවට වැඩමෙව්වට
ගෑනු නිසා පව් සිදුවෙයි නගින්න බෑ උඩ මළුවට                                                                                                                                                                                                                   

13 comments:

  1. This is really idea...
    Nice poem

    ReplyDelete
  2. Aththatama niyamata wachana tika galapala api gatha karana samajaye yatharthaya oya hodata pahadili karala. Awankawama gidak lassanai. Wenasak ekka samajeta hithanna deyak ekathu karala.

    ReplyDelete
  3. ඇත්තටම ගොඩක් ලස්සනයි

    ReplyDelete
  4. සමතැන එපා නිසිතැන විතරයි ඕනෑ .................??????

    ReplyDelete
  5. අනෙ ඒකෙත් හෑටි ඉතින්

    ReplyDelete