Tuesday, July 26, 2016

ෆිට් එක

සිංහල රට දෙන්නෙ මොකටද දෙමලුන්ට
එකම රටට තව භාසාවක් මොකට
ඉගැන්විය යුතුයි සිංහල මේකුන්ට
වැඩිය ආවොතින් දෙමු හොම්බෙන් යන්ට

වද පෙති දමා සිංහල වද කරන්නට
උන් වෙති තම්බි යනු හොද නෑ කඬේකට
සිංහල රටට තව එනවද රිංගන්ට
වැඩිය ආවොතින් දෙමු හොම්බෙන් යන්ට

මුත්තයියා මැච් ගහලා දිනනකොට
රුක්මණී ගේ සොදුරු රැගුම් බලනකොට
මොහිදින් බෙග් බුදු ගුණ ගී ගයන කොට
මොකද උනේ දෙමළ තම්බි නම් වලට

ජපන් ඉන්දියන් වාහන සරසාගෙන සිංහ ලෙයින්
අපිට එකක් තොපිට එකක් සගවාගෙන අමුතු ලයින්
රටට සාමෙ හිතට සානෙ පාදාගත නොහැකි හෙයින්
සිහල, දෙමළ, මුස්ලිම් ෆිට් විය යුතුවේ එකම ලෙයින්

6 comments:

  1. ඇත්ත කතාව great! (y)

    ReplyDelete
  2. Kathawa hariyatama hari. Jathibedaya wathman samaje penna thiyena deyak.oya me kawiyen samajeta paniwidayak denawa apuruwa ai jathi beda fit wemu okoma ekata kiyala

    ReplyDelete
  3. "ජපන් ඉන්දියන් වාහන සරසාගෙන සිංහ ලෙයින්"

    ReplyDelete