Saturday, July 30, 2016

ෆීලිං හැපී

විටක තෝට්ෆුල් ෆීලිං හැපී වෙතී
තවත් විටක ෆීලිං අප්සට් දැනෙතී
හිතට දැනෙන හැගුම් වලට නම් දමතී
ෆීල් වන සැණින් සෙනිකව ටැග් කරතී

කොහෙද ඔයාගේ ගම පොඩි නංගියා
ඔයා කැමති මොන ජොබ් එකටද අයියා
ෆොටෝ එකක් එවන්නකෝ කිය කියා
අයියල නංගිලා මගුලක් ගනී හොයා

අම්ම අප්ප හොදට හැදූ මූණ කට
උල් කරගෙන ඇද කරගෙන විකාරෙට
ඇගිලි දෙකක් දික් කරගෙන උඩ අතට
රූප මවයි මුළු පිටුවක් පුරාවට

හරි ලස්සනයි අක්කි ඔයා ඩෙ‍්‍රස් එකට
පට්ට මැචින් කපල් එකට ඉන්න කොට
වාව් මාවලස් ඇක්ෂන් දානකොට
ඉවසුම් නෑ අලුත් කමෙන්ට්ස් දැනගන්ට


හිත නිදහස් වෙන්න පන්සල් පල්ලි යව
මගුලක්  ඕනෙ නම් කපුවෙක් හොයාගෙන
ලස්සන මූණ කටවල් ඇද නොකර ඉද
දැනුම  ඕනෙ නම් පොත්පත් කියෝපිය

2 comments: