Monday, August 1, 2016

අනාගතේ වෙන එව්වා

ග‍්‍රහයෝ කැරකෙන ඒවා
අල්්ලේ පිහිටන රේඛා
ඉස්සරහට  වෙන එව්වා 
කොහොම කියනවද මන්දා

නාඩි වැකිය අනාගතේ කියනවලු
ඇගිලි සලකුණෙන් හරියට දැනෙනවලු
එතන ගුරා හරි ශිල්පය දන්නවලු
ටික දෙනෙකුට ඔප්පු කරල තියනවලු

මේ තියෙන්නෙ අපූරුවට කොටුවල පිහිටපු ග‍්‍රහයා
දැන් ඉන්නා කෙනා නෙවෙයි ඔබේ අනාගත සැමියා
තුනි වෙනි කොටුවේ හැටියට හරියන්නේ තුන්වෙනියා
අත ඇරලා දාල  ඕක හොයා ගනින්  ඔබෙ හිමියා

හදහන් වල කොටු ගැන ගැන ග‍්‍රහයො එක්ක ඔට්ටු වෙන්න
අත බලවා රේඛාවල යන පාරක් හොයා ගන්න
තැන් තැන් වල අපි යනවා අනාගතේ බලාගන්න
තාක්ෂණේ දියුණු වෙච්ච ලෝකයකින් ජය ලබන්න

ඉස්සරහක් හොයා ගන්න අපි මොකටද දුවන්නේ
ඔව්ව පස්සෙ දිව්ව කාලෙ අපරාදේ හිතෙන්නේ 
දැං හරියට වැඩ  තියනවා කාලය හරි වටින්නේ
හදහන් අත් බලාගන්න එෆ් බී වෙබ් තියෙන්නේ


5 comments: