Tuesday, August 2, 2016

බස් ගමන

දවසක් දා ගමනක් යන්න හිතාගෙන
බඩු මල්ලත් ලක ලෑස්ති කොරාගෙන
සෙනග පිරී උතුරා යන බස් එකට 
නැග්ගයි ඔන්න පළවෙනියට මුණ ගැහුුණ

වැටෙන් නැතුව අල්ල ගන්න හිතාගෙන
බඩු මල්ලත් අතකට හිර කොරාගෙන
අමාරුවෙන් ඉස්සරහට ඇදෙන කොට
රුව්වයි මට විලාසෙකට ගිලගන්න 

මුළු ජිීවිතේ ගත කරන්න හිතාගෙන
ළග ඉන්න උන් යට කරගෙන මරාගෙන
හදිස්සියේ හිස් උන එක් අසුනකට
පොරකයි වෙහෙස වෙයි ටිකකට ඉදගන්න

බස් එක ලෝඞ් නේ කොහොමත් හිතාගෙන
ලග උන් අයට විදියක් නෑ තේරෙන්න
පිරිමින් වට පිටේ ඉන්නා ගෑනුන්ට
ට‍්‍රයි එක දමයි කිටි කිටියට ලං වෙන්න

ඉඩ ඩිංගක් දෙයි මට යැයි හිතාගෙන
වට පිට බල බලා අසුනක් සොයාගෙන
වියපත් ඈයො අපහසුවෙන් ඉන්න විට
වැටි වැටි නිදයි වෙන හින්දා ඉඩ දෙන්න

අනේ ඉතින් ගමනක් යන්න හිතාගෙන
බස් එක ඇතුලෙ වුනු ජරමර බලාගෙන
හිතෙන් බැන බැන බැනා නැගගත් ගොන් කමට
බැස්සයි බස් එකෙන් බාගෙට මැරීගෙන



9 comments: