Wednesday, August 3, 2016

දානපති

දුප්පත් වෙලා මම හිටියා ඒ කාලේ
මම විතරයි දන්නෙ මම දුක්විදි තාලේ
ලබා ගත්ත දේකින් දෙනවා දානේ
පිං කරගන්න මම කැමතියි මේ කාලේ

ඕනෑ කීයක්ද නෑ මට එය ලොකු ගානක්
කෙරෙන්ට තියෙන්නේ මොනවද වගකීමක්
පුතාට තියනවා යන්නට දුර ගමනක්
මම වෙනවා ඒ ගමනේ හෙවනැල්ලක්

අද නම් මට වැඩ ඩිංගක් වැඩි වාගෙයි
බැංකු යන්න වෙලාවකුත් නැති පාටයි
ෆෝන් එකත් ගන්න බැරි උනේ ඒකයි
පුලුවන් හැටියෙ පුතාට මං ගෙවනවමයි

අනේ ඉතිං මොකටද මට මගෙ සිහිය
ඩිංගක් වත් මතක නැතුව ගිය විදිය
පුතා ඉතිං කෝල් කලෙත් නෑ වැඩිය
මගෙ පස්සෙන් හිටියා හොදටම මදිය

සුගත් ලමය යනවා දොස්තර වෙන්ට
අප්පට උන්ගෙ බෑ මොකොවත් කොරගන්ට
පස්සෙන් ඉදල උදව් පදව් නොකරන්ට
මම නැත්තං යයි ඔය වගෙ තත්වෙකට

ලොකුකම පෙන්නන්න පුරසාරම් දෙසතී 
පැෂන් එකට ඉස්සර දුප්පත් කියතී
නැති එවුන්ට පිහිට වෙන්න ට‍්‍රයි කරතී
කල කිසිදෙයක් නැතුවට හරි දානපතී

3 comments:

  1. dan kale dana pathiyo unath dan denne eyalage nama prasidda wena than walata witharai ane

    ReplyDelete
  2. dayana oyage bashawa nam harima lassanai halo

    ReplyDelete
  3. gahana thanata hodata gahanawa neda.

    ReplyDelete