Friday, August 26, 2016

ටීච

ටීච ටීච මං ආවා ගුඩ් මෝර්නිං
සෙල්ලං කරල එන්නද මං ටිකක් ගිහිං
පළවෙනි පාඩම මට හොදටම පාඩං
සදුදා එන්නෙ ටීචට මං තෑගි අරං

හොර්ම් වර්ක් දෙනවා ඉවරයක් නැතී 
දවස් ගානෙ පාඩං ගන්නවත් වැඞී
දවසට ගණන් දහයක් දොළහක්ම දෙතී
ටීච එක්ක බෑ අයියෝ එපා වෙතී

අලූත් ටීච පට්ට කෑල්ලක් වාගේ
අදින සාරි හරියට ගිනි කිකිළි වගේ
සිරියාවන්ත මුහුණකි පුන් ස`දක් වගේ
උගන්නන ඒවා කිරි කජු කනවා වගේ

නොකලොත් ගෙදර වැඩ මළ යක්ෂයෙක් වැහෙයි
නොමනා විහිලූවක් ඇහුනොත් උඩ එල්ලයි
හොර ලව් එකක් අහු උනොතින් බෙල්ල කඩයි
පොඩි වරදක් උනොත් ටීචට නට් තදවෙයි

වයසක උන්දැ එනවා පොත් ගොඩක් අතේ
ඊයේ කියපු ඒවත් අද මතක නැතේ
කියවන් යනවා ඔක්කොම ටික තියන පොතේ
පුටුව උඩ ඉදන් කිරනව නිදිත් මතේ

ටීචගෙ සාරි පොට මුළු ලෝකයක් විය
සෙක්සි ටීච කාගෙත් හීනයක් විය
කට සැර නාකි ටීචල ටික අපෝ විය
ටීචල හින්ද ගොඩ ගිය හැටි මතක් විය


  

4 comments: