Sunday, August 7, 2016

නළු පාලනේ

දමා මේකප් සුදු මුහුණකට
දේශපාලන කියන රැල්ලට
පේ‍්‍රක්ෂක දුක් නිවා දමනට
උඩගු නළු නිළි බහී පහළට

නිරන්තර ලැබෙයි මිනිසුන්ගේ ආලේ
හරකුන් ලෙසින් උන් ඉන්නව ඇති ගාලේ
ආදරයයි මේ බලයයි ඇති වේලේ
මේක තමයි ඡන්දෙ ගන්න හොද කාලේ

අකමැත්තෙන් උනත් මම ආවා ඔන්න
මට  ඕනෙනෑ ලොකු බලයක් අරගන්න
මෙතුමාගෙත් දෑත ශක්තිමත් වෙන්න
ආසයි තැනක් අරගෙන පිහිටක් දෙන්න

ඇත්තට අනේ මම දන්නේ නෑ  ඕවා
උගත් මොකට කරන්න මහජන සේවා
ඇට‍්‍රෑක්ටිව් හැර වෙන කුමටද ඒවා
මම දන්නව කියන්ට නම් ජය වේවා

රගපාලා බෑ ඔයාට ලං වෙන්නට
මගේ හිතේ ඇති දේවල් කියවන්ට
මගෙ දැනුමෙන් අමතනවා අහගන්ට
විසි තුන් වෙනිද හවසට කොළඹට එන්ට

මේකෙ ඉදලා නෑ තව මට හරියන්නේ
කලර් එකත් නෑ හරියට මැච් වෙන්නේ
ඔබලා ගැන හිතන්න මම සැරසෙන්නේ
කොළඹට නෙවෙයි නුවරට හෙට මම එන්නෙ

4 comments: