Friday, August 12, 2016

පැලියාව

හැමදේටම වැඩියෙන් බුද්ධිය තියුණු
ගුරුවරුන්ගෙ ආලය හැමදා රැදුණු
ගිය පාරත් පංතියෙ පළවෙනිය වුණු
මට වැඩියෙන් තියෙනව ඒකිට ලකුණු

කොණ්ඩෙත් හරි දිගයි ලස්සන දත් දෙපළ
තද කලූ පාට වටකුරු වූ ඇස් යුගල
හිතාගෙන ඉන්නෙ ඒකියි  පොෂ් කෙල්ල
ලස්සන වෙලා  ඕකිව  කරනව මෙල්ල

සතියෙන් සතිය ගන්නව අලූතින් සාරී
ඉන්නේ ඇදුම් පුරවාගෙන අල්මාරී
එන එන මෝස්තර ගන්නට ලක්කාරී
ඕකිට කොහෙන් දෑ  ඕවට වෙර වීරී

අරකිගෙ boyfriend හරි ස්මාට් වෙතී
අලූතින් ගත්ත කාර් එකකි සුදු පැහැතී
තට්ටු දෙකේ ලොකු ගේකුත් වෙන්ට ඇතී
හැමදාමත් ඔවුන්ට ඇති අපිට නැතී

පරසිද්ධිය ගන්න තමයි දැගලිල්ල
පොදු වැඩ කරන්නේ ගන්නට විමසිල්ල
හිත හොද පෙන්නමින් කරනව නැලවිල්ල
අම්මප ඉතින් උන්ටම වෙයි සැලකිල්ල

තමන්ට වැඩිය උන්ගේ ඇති හැකියාව 
ඉවසන්නට බැහැ මුහුණේ සිරියාව
ඉරිසියාව පරදනවා රුසියාව
මොකදෑ අප්ප ඔය හැටි ඔය පැලියාව


7 comments: