Monday, August 8, 2016

බහ තෝරපු මව් හීනය

බෝණික්කන් අතින් පයින් එල්ලගෙන
මේසරෙද්ද සාරියකට පටලගෙන
බේත් කුප්පි බඩු මල්ලට දමාගෙන
වැඩ ඩිංගිත්ත අම්මෙක් මං හිතාගෙන

හුනු කූරට පාට වෙච්චි දෑත් පොඩි
ගුටි කෑමට පුරුදු වෙච්චි ගසකි පොඩි
චූටි ඇගට කැරකවෙච්චි ඔසරි පොඩි
ටීච වෙන්න කැමති වෙච්චි දෝණි පොඩි

ප්ලාස්ටික් නලාවකි කර වටකරගත්
අම්ම අප්ප නංගි මල්ලි ලෙඩ කරගත්
බෙහෙත් තුන්ඩු පොඞ්ඩි ලියයි හතිදාගත්
ඩොක්ටර් කෙනෙක් වෙන්ට කැමති දුව කොහොමත්

තව ටික දිනක් වෙයි ශිෂ්‍යත්වෙට ඇත්තේ
මම ගැන ලියන හැම රචනාවක ඇත්තේ
අන්තිමටයි හදුනාගන්නට ඇත්තේ
හොද පුරවැසියෙකු වීමයි දැන් මට ඇත්තේ

විභාග ලියන එකනම් හරි එපාවෙතී
අනෙක් හමදේම කැපකර ගන්ට වෙතී
දුක් විදිනවා අවුරුදු දින මාස සතී
යන්තං ටිකක් පාස් උනොත් මටත් ඇතී

අහසට මැවූ හීනවලට කෙලවෙච්චි
නලා හුණු කූරු එළියට විසි වෙච්චි
හරි කාලෙට මගුලක් නම් පැටලිච්චි
බහ තෝරපු මව් හීනය එලිවෙච්චි


5 comments: