Sunday, August 14, 2016

ඉංග‍්‍රිස්

බිගිනින් එක ගත්තෙ පෙර පාසල් යන්ට

සන්,එග්,බන් ලිව්වෙ ආයනු පරදන්ට
ජිංගල් බෙල් කිව්වෙ ” ඕහ් ගුඞ්” අහගන්ට
ඉංග‍්‍රිස් ඉගෙන ගත්තේ ලොව ජය ගන්ට

ඒ බී සී අකුරු උඩ කඩ ඉරි ඇන්දෝ

බ්ලූ, රෙඞ් නම් වලට රවුමක් පාට කළෝ
ගුඞ් මෝර්නිං,සොරි කියන්න පුරුදු වුනෝ
වර්ක් බුක් එකේ වැඩ ටික ඉවර කළෝ

ශිෂ්‍යත්වෙට  ඕනෙ වචන බොහොම ටිකයි

එක්කො සිංහලෙන් වචනය ලියන්ට දෙයි
නැත්තං ඉංග‍්‍රිස් වලින්ම ලියන්ට වෙයි
ඔය ඩිංගක් දැනගත්තම හොදට මැදැයි

ඉංග‍්‍රිස් ටීච එන්නේ ඉදලා හිටලා

ආවත් පීරියඞ් ටික ස්කිප් කොරලා
අනිත් සබ් වලින් ගොඩ ගියොතින් හිතලා
විභාගෙ ලිව්වෙ ඉංග‍්‍රිස් අමතක කරලා

ඉංග‍්‍රිස් ටිකක් ගොඩ දාගන්නට හිතහං

ඉංග‍්‍රිස් පොතක් පත්තරයක්වත් බලපං
ඉංග‍්‍රිස් නිවුස් යනකොට ඩිංගක් අහපං
ඉංග‍්‍රිස් බැරුව මේ අම්මව පච කරහං

පර සුද්දන්ගෙ භාසාවක් යැයි කියතී

සිංහල මව් බසයි නිතරම කියාගතීී
උගන්නපු ගුරුන්හට දෙස් දෙවොල් දෙතී
ඉගනුම් ක‍්‍රමේ වැරදියි හිත හදාගතී



9 comments: