Thursday, August 4, 2016

බීච් එක

ආදරේ කරන්න වෙන්නෙ ටික දිනකින්
ඒකට යන්න තැනකුත් නෑ හරිහාමන්
කට්ට අව්වෙ වේලීගෙන කුඬේ යටින්
පටන් ගනියි පෙම් කරන්න ඔන්න ඉතිං

මහත්තයෝ සාස්තරේ අහනවද
කරන වැඩක් හරි යන්නෙත් නෑ නේද
මහත්තයට නෝන ටිකක් සැර වැඩිද
මෙන්න මෙහෙට අත පොඞ්ඩක් දෙනවාද

කපපු අන්නාසි මිරිසුයි ලුණු දාපු
වෙරළු අච්චාරු පදමට තම්බාපු
කඩල තියනවා කට ගැස්මට හදපු
මෙන්න නෝන කන්නට නං පංකාදු

ෆාමසියෙන් බෙහෙතක් තියනවා ගන්ට
දවස් ගාණකින් නෑ කෑමක් කන්ට
ඔබ දෙපළට පිං ඩිංගක් සිදුවෙන්ට
අනේ මහත්තයො කීයක් හරි දෙන්ට

කරදර නම් ඉවරයි හොදටෝම ඇතී
එන්නකො ළගට දැං ආපහු යන්ට වෙතී
අනෙ අංකල් බෝලේ යැයි කියාගතී
පොඩි කොල්ලෙක් ආවයි දාගෙනම හතී

පෙම් කරන්න තියෙන්නෙ මේ බීච් එකේ
ඉදගන්ටවත් දෙන්නේ නෑ පාක් එකේ
පොඞ්ඩක් නිදහසේ ඉන්නට තියන එකේ
කරදර නොකර ඉදපං මේ ඉන්න එකේ

6 comments: